නවතම පුවත්

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ඉක්මනින්ම

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ගේ හිඟයක් පසුගිය වසර දෙක තුන තුළ පැවතුන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අදාළ පුරප්පාඩු පිරවීම සඳහා පත් කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් සෑහීමකට පත් විය හැකි විදුහල්පතිවරු නොමැති බව දැනුම් දුන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් බඳවා ගැනීම් සඳහා අදාළ ගැසට් නිවේදනය ඉක්මනින්ම නිකුත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

 

Search