නවතම පුවත්

කුලියාපිටියේදී පැවැති මැරතන් ධාවන තරග සඳහා සිසු සිසුවියන් දෙදහස් හාරසියය ඉක්මවූ පිරිසක්

අධ්‍යාපන අමාත්‍යංශය හා නෙස්ලේ ලංකා සමාගම එක්ව පැවැත්වූ මැරතන් ධාවන තරග කුලියාපිටිය නගරය කේන්ද්‍රකරගනිමින් ඉකුත්දා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගය කිලෝ මීටර 05 සහ 15 වශයෙන් අංශ දෙකකින් පැවැත්වූ අතර සමස්ත ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් දෙදහස් හාරසියය ඉක්මවූ පිරිසක් සහභාගීව සිටියා.

එහිදී කිලෝමීටර 5ක් වූ පිරිමි තරගයේ ප්‍රථමස්ථානය සමගින් රන් පදක්කම දිනාගත්තේ අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ආර්.එම්.කවීශ ඉදුවර විසිනි. එම තර`ගයේ රිදී පදක්කම සමගින් දෙවන ස්ථානය වෑකඩ මහා විද්‍යාලයේ එම් ලක්මාල් සන්දීප දිනාගත් අතර තෙවන ස්ථානය හා ලෝකඩ පදක්කම එම විදුහලේම තිළිණ මදුශාන් විසින් දිනාගෙන තිබිණ.

එම තරගයේම කාන්තා අංශයේ ප්‍රථමස්ථානය ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ පී එම් ලක්මාලි දුලංජලී විසින් දිනාගත් අතර දෙවන ස්ථානය පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ එච් එ ගීත්මි සංජනා විසින් ද තෙවන ස්ථානය ගවරවිල දෙමල මහා විද්‍යාලයේ වී රිශාන්තිනී විසින්ද දිනාගෙන තිබිණ.

කිලෝමීටර 15ක් දුර දිවීමේ තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ජේ එම් එරංග මදුශාන් නයනජිත් විසින් දිනාගෙන තිබූ අතර එම විද්‍යාලයේම එච් එම් චමින්ද නුවන් කුමාර දෙවන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

එහි තෙවන ස්ථානය හිමිකරගෙන තිබුණේ පයාගල බණ්ඩාරනායක මහා විදුහලේ ජී වී කණිෂ්ක එරංග සිල්වා විසිනි.

එම තරගයේ කාන්තා අංශයේ ජය හිමිවූයේ 17න් පහල ආසියාවේ දෙවන වේගවත්ම ක්‍රීඩිකාව වූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ කේ එම් පාරමී වසන්ති මාරිස්ටෙලා වූ අතර එහි දෙවන ස්ථානයද එම විද්‍යාලයේ එච් එම් බී ඒ හේරත් විසින් දිනාගැනීම විශේෂත්වයකි.

තරගයේ තෙවනස්ථානය වැලිමඩ මහා විද්‍යාලයේ පී ජී එම් දිල්රුක‍ෂි සමරකෝන් විසින් දිනාගෙන තිබුණා.

Search