නවතම පුවත්

2020 දී රාජ්‍ය නායකත්වය සහිත එජාප ආණ්ඩුවක් ..ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 112 වන ජන්ම දින සැමරුමේ දී එජාප මහ ලේකම් ගෙන් සහතිකයක්..

දිවංගත ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 112 වන ජන්ම දින සැමරුමක් ඊයේ (17) පෙරවරුවේ පැවැත්වූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ 2010 දී රාජ්‍ය නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට ගෙන එන බවයි.

ජනතාව 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය ලබා දුන් සහන සහ රැකී රක්ෂා අවස්ථා පිළිබඳ අදටත් සිහිපත් කරන බව පෙන්වා දුන් මහලේකම්වරයා, ඉදිරියේ දී තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ සියලු දෙනාට සහන ලබාදීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව සහ වේගවත්ව ක්‍රියාවට නංවන බව ද සඳහන් කළා.

ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ලබා දුන් ආදර්ශය ද ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය ද සිහිපත් කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 1994 න් පසු ගිලිහී ගිය රාජ්‍ය නායකත්ව 2020 දී යළි ලබා ගැනීමේ මෙහෙයුම දැනටමත් ආරම්භ කර ඇති බව ද අවධාරණය කළා.

 

 

Search