සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව වැඩමුළුවක් කුලියාපිටිය නගර ශාලාවේදී

මුද්‍රණය

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහ SDB බැංකුවේ දායකත්වයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව වැඩමුළුවක් කුලියාපිටිය නගර ශාලාවේ දී පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන්.

විශාල ජනතා සහභාගිත්වයකින් පැවැත්වුණු මෙම වැඩසටහන ට සමගාමීව ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන කටයුතු කිහිපයක් සඳහා මූල්‍ය චෙක්පත් කිහිපයක් බෙදාදීමක් , පොල්පැල බෙදා දීමේ වැඩසටහනක් , සහන පොලී අනුපාත යටතේ ස්වයං රැකියා සඳහා ණය ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබුණා. ‍මෙම අවස්ථාවට සංස්කෘතික සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න මහතා ද සහභාගි වුණා.