27 සැප් 2017

13 වසරක සහතික කරන ලද අධ්‍යාපනය’ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පාසල්වල විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

මුද්‍රණය

13 year 1පිරුණු හැකියාවක්-දිනන රැකියාවක් ‘ තේමාවෙන් පාසල් සිසුන්ට ප්‍රථම වරට වෘත්තික අධ්‍යාපන ප්‍රවේශයක් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනනෙහි නියමු ව්‍යාපෘතියට ඇතුළත්ව සිටින පාසල්වල විදුහල්පතිවරුන් සහ අමාත්‍යවරයා අතර හමුවක් ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

දැනට පවත්නා පාසල් විෂය මාලාව පුළුල් කරමින් ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති හදුන්වාදීමේ දී ප්‍රයෝගිකව මුහුණපාන ගැටළු සම්බන්ධව විදුහල්පතිවරුන් සමඟ අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා, එම ගැටළු නිරාකරණය කිරීම සදහා ගත යුතු පියවර සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන්ට උප‍දෙස් ලබා දුන්නා.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපනයක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළට පිවිසෙන සිසුන් වෙනුවෙන් නව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී ඇති අතර, නව අධ්‍යයන විෂයයන් 26ක් මේ යටතේ පාසල් විෂය මාලාවට අලුතෙන් එක්ව තිබෙනවා. මෙම වෘත්තීක ප්‍රවේශය යටතේ උසස් පෙළ හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම හෝ අසමත්වීම බලපානු නොලබන අතර, සාමාන්‍යපෙළින් පසු තවත් වසර 2ක් පාසල තුළ රැ‍ඳෙමින් 13 වසරක සහතික කළ අධ්‍යාපන අවස්ථා අත්පත්කරගත හැකියි.

මෙම විශේෂ හමුවේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාසල්වල දැනට ඇති සූදානම සම්බන්ධ ව කරුණු සොයා බැලූ අමාත්‍යවරයා, මෙම විෂයයන් ඉගැන්වීමට පාසල්වල දැනට ඇති භෞතික සම්පත් සම්බන්ධවත්, එම විෂයයන් ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන් පුහුණු කිරීමත්, ආරම්භක පියවරේ දී වෘත්තීය විෂය ධාරාව යටතේ ඇති පොදු විෂය මාලාවේ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ ව සහ වැඩසටහෙන් පූර්ව සමාරම්භක ප්‍රගතිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

නියමු අදියරේ දී සිසුන් 5000කට ආසන්න පිරිසකට මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව සැලසෙන බවත්, ඒ අනුව තෝරාගත් පාසල් අතරින් තවදුරටත් පුරප්පාඩු පවතින පාසල්වලට සිසුන් ඇතුළත්කරගැනීමට හැකියාව පවතින බවත් මෙහි දී අනාවරණය වුණා. 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් ව, උසස් පෙළ වරම් අහිමිව සිටින සිසුදරුවන්ට ඒ අනුව මේ සඳහා අදාළ පාසල් වෙත අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 42ක මෙම නියමු ව්‍යාපෘතිය එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාවට නැංවිමට නියමිතයි. අමාත්‍යවරයා සමඟ පැවති මෙම විශේෂ හමුවට නියමු ව්‍යාපෘතියට අයත් පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් පිරිසක් එක්ව සිටියා. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (ප්‍රතිපත්ති හා සැලසුම්) එස්. යූ විජේරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ අධ්‍යාපන නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.13 year 213 year 313 year 413 year 513 year 6

Twitter