03 ඔක් 2017

1984 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල සංකල්පයේ නිර්මාතෘවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි 33 වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල

මුද්‍රණය

ja pa 11984 දී සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල හඳුන්වාදුන් එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 33වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතාගේ ද සහභාගීත්වයෙන්.

මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000 ක් සහභාගී වන අතර ක්‍රීඩා තරඟ ඉසව් 28ක් සඳහා තරඟ පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවැති 33වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා විසින් ඊට අදාල නිල ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

           සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් පැවැත්වූ ආරම්භක පෙළපාලියට දිවයිනේ සියළු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000කට අධික පිරිසක් එක්වුණා.

මෙම තරඟාවලිය එළඹෙන 15වනදා දක්වා පැවැත්වෙන අතර එහි සමාප්ති උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා.ja pa 2ja pa 3ja pa 4ja pa 5ja pa 7ja pa 8ja pa 9ja pa 10

Twitter