27 ඔක් 2017

ගුරුවරුන්ට පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරී කළ විදුහල්පතිවරුන්ටත් ළඟදීම වෙනත් පාසල් - අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ්කාරියවසම්

මුද්‍රණය

rcg 1ගුරුවරුන් පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරිය කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. පසුගියදා (27) පැවති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළා.පසුගිය දිනවල සිදු කළ ගුරු මාරුව වැඩසටහන සම්බන්ධයෙන් ගුරුවරුන් දැක්වූ අදහස් කිහිපයක් ද සිහිපත් කළ අමාත්‍යවරයා, ගුරුවරුන් මාරු කිරීම නොව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ගුරු මාරුව සිදුකරන්නේ කෙසේදැයි කෙනෙකු තමාගෙන් විමසූ බවද සඳහන් කළේ සිනහ මතුකරමින්.

කිසිදු තීරණයක් කිසිවකු සමඟ ද්වේශ සහගතව නොව පද්ධතියේත්,අධ්‍යාපන ක්ෂේත්‍රයේත් උන්නතිය වෙනුවෙන් ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා,කලට වෙලාවට ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි නොගැනීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව ද සිහිපත් කළා.මෙවැනි තත්ත්වයක් මත අකාර්යක්ෂම වී ඇති පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් ගත හැකි ගත හැකි සෑම පියවරක්මගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.rcg 2rcg 3rcg 3rcg 4rcg 5rcg 6rcg 7rcg 8rcg 9rcg 10rcg 11rcg 13rcg 14rcg 15rcg 16rcg 17rcg 18rcg 19

Twitter