02 නොවැ 2017

ඉදිරිෙය්දී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් ලබන වෘත්තියක් බවට පත් කිරීම තම අපේක්ෂාවයි. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.

මුද්‍රණය

ananda balika 1ඉදිරියේදී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් සහිත වෘත්තියක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ දී පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්ස්වයට එක් වෙමින්.

ඉදිරියේ දී නව ගුරුවරුන් 15000 ක් පමණ බ‍ඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ලෙස විද්‍යා පීඨ සඳහා බඳවා ගැනෙන සංඛ්‍යාව වැඩි කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝකයේ ඇති සියලූ වෘත්තීන් අතුරින් ශ්‍රේෂ්ඨතම වෘත්තිය වන්නේ ගුරු වෘත්තිය බවත් අනෙකුත් සියලූ වෘත්තිකයින් බිහිකිරිමේ හැකියාව පවතින්නේ ද ගුරු වෘත්තියට පමණක් බවයි. එම නිසා රට තුළ පූර්ණ වශයෙන් පරිවර්තනයක් කිරීමේ හැකියාව ගුරුවරුන් සතුව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පසුගිය දා කැකිරාව ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටිය දී ගැබිණියකැයි චෝදනා ලැබ එම පාසලෙන් ඉවත් කළ දැරිය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සෑම දරුවෙකුම තමන්ගේ දරුවෙකු ලෙස සිතන්නේ නම් කිසිලෙසකින් මෙවැනි සිදුවීම් ඇති නොවන බව ද පැවසුවා. ක්ෂේත‍්‍රයේ නියුතු සියලූ වගකිව යුතු පුද්ගලයින් වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කල අමාත්‍යවරයා, අදාළ දැරිය ජාතික පාසලකට ඇතුළත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් එම දැරියට මසකට රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ස`දහන් කළා.

මෙම උත්සවයේ දී විවිධ විෂය දක්ෂතා දැක්වූ කොළඹ ආනන්ද බාලිකා සිසු දැරියන් වෙත අමාත්‍යවරයා අතින් සම්මාන, සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කෙරුණා.ananda balika 2ananda balika 3ananda balika 4ananda balika 5ananda balika 6ananda balika 7ananda balika 8ananda balika 9ananda balika 10ananda balika 11

Twitter