02 නොවැ 2017

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණයි. - අධ්‍යාපන අමාත්‍යය අකිල විරාජ් කාරියවසම්.

මුද්‍රණය

bakir 1ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළේ ජාතික සමගිය සහ සංහි`දියා කාර්යාංශය හා ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය ඒකාබද්ධව ”විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි” යන මැයෙන් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් රචනා හා චිත‍්‍ර තරඟාවලියේ සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයට එක්වෙමින්.

පසුගිය දශක තුන තුළ රටේ පැවති ජාතික අසමගිය නිසා ජාතියක් ලෙස අප පසුපසට ගොස් ඇති බව පැවසු අමාත්‍යවරයා දැන් අප හට නව ගමන්මගට යොමු වීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නා. පසුගිය දිනවල දී සිදු කරන ලද ගුරු මාරුකිරීම් ජාතිවාදී පදනම මත සිදුකළ බවට ඇතැම් පාර්ශව එල්ල කළ චෝදනා පිළිනොගන්නා බව පැවසූ අමාත්‍යවරයා ඒවා දුර්වල සහ කුහක මිනිසුන් විසින් නගන අඳෝනා බව ද ප‍්‍රකාශ කළා. එමෙන්ම අධ්‍යාපනය ලැබීම තුළ මිනිසුන් ජාතියක් ලෙස ශක්තිමත් වන බවත්, අප රට ගොඩගැනීමේ එකම මග දරුවන්ට හො`ද අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

මෙහි දී අමාත්‍යවරයා අතින් ජයග‍්‍රහණ ලැබූ සිසු දරුවන් වෙත සහතිකපත් හා ත්‍යාග ප‍්‍රධානය කෙරුණු අතර විවිධ ප‍්‍රසංගයන්ගෙන් උළෙල වර්ණවත් වී තිබුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති මෙම උත්ස්වයට, ජාතික සමගිය සහ සංහි`දියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ ආරාධිතයින් රැසක් එක්ව සිටියා.bakir 2bakir 3bakir 3bakir 5bakir 6bakir 7bakir 8bakir 9bakir 10bakir 11bakir 12bakir 13bakir 14bakir 15bakir 15bakir 16bakir 17bakir 19

Twitter