06 නොවැ 2017

අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ වැඩපිළිවෙළ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රසාදයට

මුද්‍රණය
KG 1අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ පසුගියදා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රසාදයට ලක් වුණා. කාදිනල් හිමිපාණන් පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත් කර ඇති ”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය තමන් ද අනුමත කරන බවයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවති කතෝලික ගුරු දිනයේ දී උන්වහන්සේ මේ අදහස් පළ කළා. වැඩිදුරටත් අදහස් දැක් වූ කාදිනල් හිමිපාණන් කියා සිටියේ වර්තමානයේ නිර්මාණය වී ඇති අමතර පන්ති රැල්ල නිසා දරුවන්ගේ නිදහස දැඩි ලෙස ඇහිරී ඇති බවයි. ගුරුවරුන් සිය ඉගැන්වීමේ කාර්යය, ආදරය සහ කරුණාව පදනම් කරගනිමින් සිදුකරන්නේ නම් එය බෙහෙවින් ප‍්‍රමාණවත් වන බව ද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී අවධාරණය කළා.
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඇතැම් දෙමාපියන් තම දරුවන් ජනප‍්‍රිය පාසල් වෙත ඇතුළත් කරගැනීමේ දැඩි පිඩනයකින් පසුවන බවයි. ”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය දියත් කරමින් ප‍්‍රධාන පාසල්වල ඇති පහසුකම් සෙසු පාසල් වලට ද ලබා දෙමින් ප‍්‍රාදේශීය පාසල් ජාලය මෙන්ම රටේ සමස්ත පාසල් පද්ධතිය දියුණු කිරීමට මේ වන විට රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.KG 2KG 3KG 4KG 5KG 6KG 7KG 8KG 10KG 12
Twitter