10 නොවැ 2017

ජේතවන මළුවේ සංකේත හා ශීලා ලිපි පිටපත් කිරීම ඇරඹේ

මුද්‍රණය

23469464 10203685390172335 1728231899 oශ්‍රී ලාංකීය උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ දැක්මට අනුව යමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් ජේතවන ස්තූපයේ සළපතල මළුවේ නිරිත දිග කොටස තුළ ඇති සංකේත හා ශීලා ලිපි පිටපත් කිරීම ආරම්භ කරනු ලැබිණ.

අක්කර 07කින් යුත්, දිගින් අඩි 576ක් වූ දාගැබ් මළුවකින් යුත්  ජේතවන විහාර සංකීර්ණයේ වැදගත්ම නිර්මාණය ලෙස හඳුනා ගැනෙන්නේ ජේතවන දාගැබ වන අතර එය ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙස සැලකෙනවා. එහි ස්තූප පාදම අඩි 1147 කින් යුක්තයි. මෙම චෛත්‍ය මළුවේ ශීලා පුවරුවල විවිධ ශීලා ලිපි, සංකේත දක්නට ලැබෙන අතර මෙම ලිපි 09වන හා 10වන සියවස්වලට අයත් බව තහවුරු වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සළපතල මළුවේ නිරිත කොටසෙහි ශීලා පුවරුවල සදහන් සංකේත හා ශීලා ලිපි පිළිබඳව අධ්‍යනයක් වන අතර මෙම ශීලා පුවරුවල විවිධ වු සංකේත හා සෙල්ලිපි සටහන් අධ්‍යනයතුලින් අපගේ වැළලීගිය අතීතය පිළිබඳව පිළිඹිබුවක් අපගේ අනාගත පරපුර වෙත ලබාගත හැකිවනු ඇත.

      එමෙන්ම මෙලෙස පිටපත්කරන ලද සංකේත හා ශීලා ලිපි පිළිබදව මේ වනතෙක්  විධිමත් අධ්‍යනයක් සිදුකර නොමැති හෙයින් ඒ සම්බන්ධව විධිමත් විශේෂඥ පරීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා..
Twitter