14 නොවැ 2017

”ඉදිරියේ දී පාසල් සිසුන් ස‍ඳහා තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවර ගන්නවා” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මුද්‍රණය

kuli 1

ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය ස‍ඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඉදිරියේ දී සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලිය තොරතුරු තාක්ෂණය මත පදනම් වන බවත් තොරතුරු තාක්ෂණික දැනුම මේ වන විටත් ග‍්‍රාමීය මට්ටම දක්වාම ව්‍යාප්ත වී ඇති බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළා. රටේ සියලූ පාසල් ස‍ඳහා මෙම තොරතුරු තාක්ෂණික දැනුම ලබා දීමට වත්මන් රජය කටයුතු කර ඇත්තේ එම දැනුම තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් බව ද මෙහිදී වැඩිදුරටත් ස‍ඳහන් කළ අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණික දැනුමේ දැඩි අනාගත අවශ්‍යතාව නිසාම ගුරුවරුන්ට ද තොරතුරු තාක්ෂණික පුහුණුව මේ වන විට ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව ද සිහිපත් කළා

සර්වෝදය ෆියුෂන් ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ”ෂඔ යහම`ග” ව්‍යාපෘතිය දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. තමන් ජීවත් වන සමාජ වටපිටාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අන්තර්ජාලය හැසිරවීමට විවිධාකාර වූ වයස් පරාස තුළ සිටින ප‍්‍රජාවන් දැනුවත් කිරීම ”ෂඔ යහමග” ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණයි. මෙහිදී සංකේතාත්මකව විද්‍යාලයේ සිසුන්ට තොරතුරු තාක්ෂණික ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරුණේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින්. සර්වෝදය ෆියුෂන් ආයතනයේ සාමාන්‍යාධිකාරී ඉසුර සිල්වා මහතා, එල්. කේ. ඩොමේන් රෙජිස්ටර් ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සහ එම ආයනයේ පුහුණු කළමනාකරු ඩි.ඩි. ප‍්‍රභාත් මහතා ඇතුලූ නිලධාරීන් රැසක් උත්සවයට එක්ව සිටියා.

kuli 2kuli 3kuli 4kuli 5kuli 6kuli 8kuli 9kuli 10

Twitter