24 නොවැ 2017

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත 108 දෙනෙකු එක් වේ

මුද්‍රණය

paripalana 1ඔබ නිවැරදි දෙයක් කළ හොත් ඒ වෙනුවෙන් අප පෙනී සිටින නමුත් ඔබ වැරදි දෙයක් කළ හොත් ඒ වෙනුවෙන් ඔබගේ හෘදය සාක්ෂිය පවා පෙනී නොසිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට බඳවාගත් නවක නිලධාරීන්ට සිහිපත් කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත බඳවාගත් නවක නිලධාරීන් 108 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (24) උදෑසන පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. සැමවිට ම රාජ්‍ය නිලධාරීන් ලෙසත් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ලෙස නිවැරදි තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා මෙහිදී දැඩිව අවධාරණ ය කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමෙන් ලබා ඇති අත්දැකීම් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයට ලබා දෙන ලෙස පත්වීම් ලාභී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරියේ දී අධ්‍යාපන පරිපාලන කටයුතු පාසල් වෙත සමීප කිරීම වෙනුවෙන් කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩිකිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළා.

අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියේ තනතුරු පුරප්පාඩු සඳහා පැවති විවෘත තරග විභාගයෙන් සමත් වී මෙම වසරේ දී පත්වීම් ලැබූ නිලධාරීන් 196 දෙනෙකු සහ සීමිත තරග විභාගයෙන් සමත් වී පත්වීම් ලැබූ නිලධාරීන් 308 දෙනෙකුගේ සේවාරම්භක පුහුණුව එළඹෙන වසර ආරම්භයේ දී අවසන් වීමට නියමිත අතර ඉන් පසු ඔවුන් රාජකාරි ස්ථාන සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇත. පත්වීම් ලාභි මෙම නිලධාරීන් ද මාස දෙකක න්‍යායාත්මක සහ ප්‍රායෝගික සේවාරම්භක පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව අදාළ සේවා ස්ථාන වෙත රාජකාරි කටයුතු සඳහා යොමු කෙරේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.paripalana 2paripalana 4paripalana 5paripalana 6paripalana 8paripalana 9paripalana 12

Twitter