06 දෙසැ 2017

කියවන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අනාගතයේ දී විදෙස් සංචාර පාසල් දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කිරීම වෙනුවෙන්, පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට රුපියල් මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන

මුද්‍රණය
  • පසතකල 2පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලිය - 2017, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වෙයි.
  • කියවන දරුවන් ඇගයීම වෙනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි. අද (07) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පාසල් සිසුන්ගේ කියවීම වෙනුවෙන් මෙවන් මුදලක් වෙන් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එමෙන්ම ලබන වසරේ දී පාසල් පුස්තකාල සඳහා පොත් ලබා දීම වෙනුවෙන් තවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බව ද විශේෂයෙන් පෙන්වා දුන් අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශය තුළ මෙවන් වෙනස්කම් රැසක් ඇති කිරීමට අවකාශය ලැබුණේ වත්මන් ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වැඩකිරීමට අවශ්‍ය යහපත් පරිසරයක් රජය තුළ නිර්මාණය කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.පසතකල 1පසතකල 3පසතකල 4පසතකල 5පසතකල 6පසතකල 7පසතකල 8පසතකල 9පසතකල 11පසතකල 13පසතකල 14

Twitter