18 දෙසැ 2017

පාසල් පුස්තකාල 3,312 කට එළඹෙන වසරේ දී රු.මිලියන700 ක අලුත් කියවීම් පොත් මිලට ගැනෙයි,

මුද්‍රණය

25311059 10156120811489060 7579439712190301455 oපොත් මිලදී ගැනීම් අධීක්ෂණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්..

පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා. එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්වුණා.

මේ වන විට විදුහල්පතිවරුන් පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගනිමින් තම පාසල් පුස්තකාලවලට අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර විදුහල්පතිවරුන් විසින් එලෙස මිලදී ගන්නා පොත් හා ඊට වැය වූ මුදල් පිළිබද නැවත අධීක්ෂණයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම අධීක්ෂණ වැඩ පිළිවෙල ආරම්භ කර තිබෙන්නේ දරුවන් අතට රජය වැය කළ මුදලට සරිලන නිර්දේශිත පොත් පමණක් ලැබී ඇත්දැයි යන්න සහ එම මුදල් නිසි පරිදි භාවිත කර තිබේදැයි යන්න පිළිබද සොයා බැලීම සඳහායි.

Twitter