18 දෙසැ 2017

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවාවන් ලබා දෙන බව පවසා ජනතාව මුලා කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

මුද්‍රණය

25398276 10156120793329060 8343964932112910057 oමහජන දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ජනතාව මුලා කරමින් නිලධාරීන් හමුවීමට අවස්ථාව ලබා දෙන බවට සහ රාජකාරි කටයුතු සිදු කර දෙන බව පවසා අල්ලස් ලබාගැනීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බැවින් එවැනි පුද්ගලයින් වහාම නීතියේ රැහැනට හසුකර ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසිය යොදා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණයෙන් අල්ලස හා දූෂණයෙන් තොර අමාත්‍යාංශයක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශයේ සියලු කටයුතු උපරිම පාරදෘශ්‍ය භාවයකින් යුතුව සිදු කිරීමටත් වගබලා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා කාර්යක්ෂමතාව හා උපරිම ඵලදායි සේවාවක් ජනතාවට ලබාදීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගේ නම සහිත ව්‍යාජ රබර් මුද්‍රාවක් සහ ව්‍යාජ ලෙස යෙදූ සටහන් ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කර තම විශ්‍රාම වැටුප වැරදි සහගත ලෙස සකස් කරගත් විශ්‍රාමික ගුරුවරයකු මිරිහාන පොලිස් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (14) අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම පසුගිය මහජන දිනය (13) දා ගුරු පත්වීම් ලබා දෙන බව පවසා මුදල් ලබාගත් කෑගල්ල ප්‍රදේශයේ තැරැව්කරුවකු ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තලංගම පොලීසියට බාර දී තිබෙනවා.

වංචා සහගත ලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයින් සහ සිදුවීම් සම්බන්ධව විමසිලිමත්ව සිටින ලෙසත් ඒ සම්බන්ධ තොරතුරක් වෙතොත් වහාම අධ්‍යාපන අමාත්‍යාංශය (ක්ෂණික ඇමතුම් අංක 1988) හෝ පොලීසිය දැනුවත් කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Twitter