18 දෙසැ 2017

දකුණු කොරියාවේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට පාසල්වල නිරීක්ෂණ චාරිකාවක’

මුද්‍රණය

kuli 1 2දැයේ දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත, දකුණු කොරියාවේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආධාර යටතේ පසුගිය වසරේ දී මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ යටතේ, පාසල් වෙත පරිත්‍යාග කරන ලද පරිගණක සම්බන්ධයෙන් සොයාබැලීමට, පසුගිය දා (17) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු දකුණු කොරියාවේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් අධීක්ෂණ චාරිකාවක නිරත වුණා. 
දකුණු කොරියාවේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුම යටතේ ශ්‍රිලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ වර්ධනය උදෙසා විවිධ අධ්‍යාපන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. එම ගිවිසුමට අදාළව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන්, 2016 වසරේ දී මෙම පරිගණක, පාසල් වෙත පරිත්‍යාග කෙරුණා.

මේ අවස්ථාවට, ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන පරිපාලන අධ්‍යක්ෂ ලී හොන්ග් චේ, ප්‍රධාන සුපරීක්ෂක චෝ ජූන්ග් හයියුන්, සුපරීක්ෂක කැන්ග් යූන් හී, කණ්ඩායම් නායක කිම් කයියුන්ග් ජින්, කණ්ඩායම් නායක ලී වැන් ඩෝ සහ සම්බන්ධීකාරක මැන් ජුන් හයිකොන්ග් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්.අයිලප්පෙරුම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උදාරා දික්කුඹුර යන මහත්මා මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියා.kuli 1 1kuli 1 3kuli 1 4kuli 1 6kuli 1 7

Twitter