19 දෙසැ 2017

“රජය පාසල් සිසුන් වෙත පෙළ පොත් විකුණනවා !, නවවන වසරට තවමත් පෙළ පොත් ප්‍රමාදයි !, රජයෙන් නිකුත් කෙරෙන පෙළ පොත්වල පිටුපස මිල මුද්‍රණය කරලා ! - ජනතාව නොමග යවන ප්‍රකාශයන්ට අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පිළිතුරු දෙයි.

මුද්‍රණය

25532127 10156131184289060 8512531178803991833 oරජය පාසල් සිසුන් වෙත නොමිලේ පෙළ පොත් ලබා දීම අත්හිටුවා ඇති බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ සිසුන් වෙත අරපිරිමැස්ම සහ පොත් සංරක්ෂණය හුරු කරවීම අරමුණු කරගනිමින් හය, හත සහ අට ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් පැරණි පොත්වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් නැවත ප්‍රයෝජනයට ගැනීමට උපදෙස් දී ඇති බවත්, එමෙන්ම භාවිතයට සුදුසු පොත් පමණක් එම සිසුන් වෙත ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. ඉතිරි සිසුන් සඳහා නව පොත් මුද්‍රණය කර ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇති බව ද ඒ මහතා කියා සිටියා.

එමෙන්ම නවවන ශ්‍රේණිය සඳහා, නව විෂය නිර්දේශයක් යටතේ නව පෙළ පොත් මුද්‍රණය කිරීමට පියවර ගත් අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ ක්‍රියාවලියෙහි යම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පොත් කිහිපයක් පමණක් දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙර ලබා දීමට නොහැකි වූ බවත් ඒවා හෙට දිනයේ සිට පාසල් සඳහා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළා. එමෙන්ම ඇතැම් පාර්ශව ගෙන යන ව්‍යාජ ප්‍රකාශයන්ට නොරැවෙටෙන ලෙසත් කිසිදු රජයේ පාසලක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් පොත් මිල දී ගැනීමට අවශ්‍ය නොවන බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා මෙහි දී ප්‍රකාශ කළා.

එමෙන්ම සෑම පෙළ පොතකටම නියමිත මූල්‍ය වටිනාකමක් පවතින බවත්, එම වටිනාකම පිළිබඳව නොතකමින් පොත් අවභාවිතා කරන සිසුන්ට එයින් වැළකී සිටීම පිළිබඳ වටහා දීමට මෙන්ම ජාත්‍යන්තර පාසල්වලට සහ සෙසු පාර්ශවවල වෙනත් අවශ්‍යතා සඳහා

පමණක් පොත් මිල දී ගැනීම වෙනුවෙන් මෙලෙස රජයෙන් නිකුත් කෙරෙන පෙළ පොත්වල පිටුපස එහි මූල්‍ය වටිනාකම සඳහන් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. ඒම්. කේ. බී. ඉලංගසිංහ මහතා පෙන්වා දුන්නා.

සිසු දරුවන් වෙත ලබා දීම සඳහා පොත් වර්ග 410 කින් නව පෙළ පොත් මිලියන 43 ක් මේ වන විට මුද්‍රණය කර ඇති බවත්, පෙළ පොත් ම්‍රද්‍රණය සහ බෙදාහැරීම සඳහා රජය වසරකට කෝටී 400 ක (බිලියන 04 ) පමණ මුදලක් වැය කරන බව ද කොමසාරිස්වරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා

Twitter