20 දෙසැ 2017

විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස්

මුද්‍රණය

25586941 10156132687039060 3043803693038380731 o
· ජංගම දුරකථන භාවිතා කරමින් විභාග වංචා කළ අපේක්ෂකයකුගේ විභාග අපේක්ෂකත්වය පරීක්ෂණ වාර්තාව අනුව අත්හිටුවයි
· තවත් අපේක්ෂකයකු සම්බන්ධ විමර්ශනයක්

විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව විභාග වංචාකරුවන්ට එරෙහිව විභාග නීතියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ සිදු කර නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පසුගිය දා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ සිසුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කළ විභාග වංචාව පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සිදු කළ පරීක්ෂණ වාර්තාව අනුව එම සිද්ධියේ සැකකාර සිසුවාගේ මෙවර විභාග අපේක්ෂකත්වය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. එසේම එම සිසුවා සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලීසිය මගින් වැඩිදුරටත් විමර්ශන කටයුතු පැවැත්වෙනවා.

ඉසිපතන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ දී පුද්ගලික අයදුම්කරුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදුකළ විභාග වංචාවක් පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකු විසින් අදාළ මූලික පරීක්ෂණ කටයුතු සිදු කරන අතර මෙම පරීක්ෂණයට අමතරව ඉදිරි කටයුතු සඳහා නාරාහේන්පිට පොලීසියට ද පැමිණිලි කර තිබෙනවා.

Twitter