27 දෙසැ 2017

උසස් පෙළ ප්‍රතිඵල හෙට (28) උදෑසන නිකුත් වෙයි

මුද්‍රණය

26195051 1800824029993061 579291866 o2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට අලුයම නිකුත් කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ)  ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙසට ලබා දී ඇති උපදෙස් අනුව, මෙම ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කෙරෙනවා.

ඒ අනුව, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දිනත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දිනත්, උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දිනත් නිකුත් කිරීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර අ.පො.ස.(උ/පෙළ) විභාග ප්‍රතිඵල  දෙසැම්බර් මස 28 වන දින අලුයම නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. මෙවර අ.පොස. උසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2230ක දී අයදුම්කරුවන් 315,227 දෙනෙක් ද, විශේෂ අයදුම්කරුවන් 260 දෙනෙක් ද පෙනී සිටියා.

Twitter