28 දෙසැ 2017

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළ අභියාචනා භාරගැනීම 2018 ජනවාරි 15 සිට පෙබරවාරි 15 දක්වා

මුද්‍රණය

26145303 10203853825143104 1347816988 o

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව,  2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ව අභියාචනා භාරගැනීම 2018-01-15 දින සිට 2018-02-15 දක්වා සිදුකරනු ලැබේ.

අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, විධිමත් ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට එවීමට කටයුතු කළ යුතුය.

Twitter