01 පෙබ 2018

එක්සත් ජාතික පක්ෂයට 'වෙනත් පක්ෂවලින් එක්වන සියල්ලන්ගේම වගකීම' මම බාර ගන්නවා

මුද්‍රණය

ඕනෑම වෙනත් දේශපාලන පක්ෂයක සිට එක්සත් ජාතික පක්ෂයට එක්වන පිරිස්වල අනාගත වගකීම තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරනවා.

නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් රැසක් ඊයේ (31) පස්වරුවේ කෝන්ගහගෙදර,කිරින්දව සහ ඇන්නරුව යන ප්‍රදේශවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාමෙම ප්‍රධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිස අමතමින් කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

 

Twitter