නවතම පුවත්

ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිතයන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

ලෝකයේ රටවල් 22ක සහභාගීත්වයෙන් වාර්ෂික ව පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලිය (IODA)  වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (11) අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.

 තරගාවලියේ Silver Fleet අංශයේ තුන්වැනි ස්ථානය දිනාගත්, දැනට ලංකාවේ බිහිව සිටින රුවල් ඔරු ජාතික ශූරතාව හිමි ශාන්ත තෝමස් විද්‍යාලයේ ධනික නානායක්කාර ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටි අතර අධ්‍යාපන අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුබපැතුම් එක් කළේය.

මෙම ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලියේ 2020 වසරේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන අතර, මෙවර මෙම තරගාවලිය පවත්වනු ලැබූයේ ඕමානයේ මුෂානා වෙරළ තීරයේ දීයි. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද්දේ ක්‍රිශාන් ජානක මහතායි.

Search