
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඇතැම් දෙමාපියන් තම දරුවන් ජනප්‍රිය පාසල් වෙත ඇතුළත් කරගැනීමේ දැඩි පිඩනයකින් පසුවන බවයි. ”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය දියත් කරමින් ප්‍රධාන පාසල්වල ඇති පහසුකම් සෙසු පාසල් වලට ද ලබා දෙමින් ප්‍රාදේශීය පාසල් ජාලය මෙන්ම රටේ සමස්ත පාසල් පද්ධතිය දියුණු කිරීමට මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
















