නවතම පුවත්

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සිය සහාය පළ කර සිටියා.

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් ව පවතින අතර,  ඒ සඳහා  ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව  අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

ඒ අනුව,  දිවයිනේ පළාත් නවය ම නියෝජනය වන අයුරින් සෑම පළාතකින් ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6 -11 ශ්‍රේණි සහිත ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

මේ සඳහා රුපියල් බිලියන 2 ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට දිවයින පුරා පිහිටි 6-11 ‍ශ්‍රේණි සහිත සියලු ම පාසල් වෙත ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. එක් එක් පාසල්වල  සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත ය.

ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතර ව ඒවා භාවිතය සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් (charging Facility) ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද  ලබාදීමට පියවර ගැනේ.

ඉදිරි දශක දෙක තුනකින් පසුව එළඹෙන අනාගතය දකිමින්, ඒ අනුව රටේ අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා නිවැරදි තීන්දු තීරණ ගනිමින්, දරුවන්ගේ අනාගතය දකින මීළඟ ආණ්ඩුව හදන්නේත් එක්සත් ජාතික පක්ෂය බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (30) කුරුණෑගල පැවති ජනහමුවකට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ මැතිවරණ කාලවල දී තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ට මුහුණ දෙන්නට වූ අමිහිරි අත්දැකීම් ද සිහිපත් කළ අකිල විරාජ් කාරියවසම් මහතා, අද ප්‍රතිපාක්ෂික පාර්ශවකරුවන් විවිධ මාධ්‍ය යොදාගනිමින් තම පක්ෂය වෙත කෙතෙක් මඩ  ප්‍රහාර දියත් කළ ද, ඒ කිසිවකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම පක්ෂය කටයුතු නොකළ බවත් පැවසීය.

 අද වන විට රටේ ඕනෑම කෙනෙකුට රජයේ ආයතනයකට ගොස් තොරතුරු දැනගැනීමට හැකි පරිදි තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාවට නැංවූ බවත්, ස්වාධීන කොමිෂන් සභා පත්කර රටේ අධිකරණය, පොලිසිය, ඇතුළු රාජ්‍ය සේවය  ස්වාධීන කිරීමට පියවර ගත් බවත්, ඇතැමුන් මේ ආණ්ඩුව කළේ මොනවාදැ’යි විමසන්නේ මෙවැනි තීන්දු තීරණ ගැන කිසිවක් නොදැන බව ද, මේ ආණ්ඩුව සංදර්ශන නැතිව වැඩ කළ ආණ්ඩුවක් බව ද මෙහි දී අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, එදා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වා වගේ ම මෙවර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවන්නට අපි සූදානම්...ආණ්ඩුවක් කරන්නට වේගයෙන් හිතන, වේගයෙන් වැඩ කරන මිනිසුන් ඕනෑ ...යැයි ද පැවසීය. එවැනි දක්ෂ නායකයින් සිටින්නේ රාජපක්ෂ රෙජිමයේ නොව, එක්සත් ජාතික පක්ෂය තුළ බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අශෝක් අබේසිංහ, ජේ සී අලවතුවල මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නියෝජිතවරුන් රැසක් එක්වූහ.

 2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන් ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත් ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්  ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්‍ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

ආණ්ඩුව දේශපාලන වාසි බලාගෙන ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 48,000ක් ඇතුළත් කරගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ඊයේ සහ අද දිනයන්හි මාධ්‍ය කිහිපයක  වාර්තා කර ඇති ප්‍රවෘත්තිය කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.

  මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය යොදාගෙන පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට තමන් කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, අදාළ ප්‍රවෘත්තියෙහි සඳහන් කර ඇති අයුරින් ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී එවැනි දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණක් තමාට කිසිසේත් ම නොතිබූ බවයි.

දිවයින පුරා ජාතික පාසල්වල 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම විධිමත් ව විනිවිදභාවයෙන් යුතුව 2019-05-31 දිනට සියලු ජාතික පාසල්වල පවත්නා සිසු පුරප්පාඩු සංඛ්‍යාව විදුහල්පතිවරුන් වෙතින් ගෙන්වා ගෙන එම සම්පූර්ණ පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදය, නිර්නායක සහිත ව ප්‍රථම වරට පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.  ඒ අනුව, විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කරන ලද පුරප්පාඩු 44,568ක් සඳහා  දිවයින පුරා සියලු සිසුන්ට ජාතික පාසල් වෙත අයදුම් කිරීමේ අවස්ථාව සලසා දෙන ලද බව ද අමාත්‍යවරයා පවසයි.

  

එමෙන් ම,  තමා විසින් ගත් මෙම තීරණය හේතුවෙන් අතරමැදි පාසල්වලට ඉල්ලුම් කළ සියලු දෙනාට සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසුන බවත්, බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ළමයින් ඇතුළත් කිරීම වෙනුවෙන් දිනපතා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණි දෙමව්පියන්ට මේ නිසා විශාල සහනයක් සැලසීමට හැකිවූ බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

කරුණු මෙසේ තිබිය දී, විදුහල්පතිවරුන් පාසල්වල ඉඩ නැති බවට කෙතෙක් පැවසූව ද ඉඩ පිළිබඳ නීති රීති නොසලකා මැතිවරණ අල්ලසක් ලෙස දරුවන් පාසල්වලට ඇතුළත් කර ඇති බවට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු විසින් ම නගන චෝදනාව ඉතා කණගාටුදායක බවත්, තමා හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා  ඇතුළු කිසිදු නිලධාරියෙකු  එවැනි දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය යොදාගෙන නොමැති බව වගකීමෙන් පැවසිය හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියි.

සෑම වසරක ම මෙන් මෙවර ද සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලබන රජයේ සේවකයින්ගේ දරුවන් වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් කිරීම සිදුකරන ලද බවත්, එමෙන් ම 38/2019 චක්‍රලේඛය අනුව ළමා නිවාසවල සිටින දරුවන්ට ආසන්නතම ජාතික පාසලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදීමට පියවර ගත් බවත් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසයි.

මාධ්‍ය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කරනුයේ එවැනි ඇතුළත් කිරීමකට අදාළ ව අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියකි. පාසලකට සිසුවෙකු ඇතුළත් කරගැනීමෙන් පසු ව තමා වෙත ඒ බව වාර්තා කරන ලෙස විදුහල්පතිවරයාට දැන්වීමට ලේකම්වරයාට රාජකාරිමය වශයෙන් බලතල පවතියි. එම නිසා  පුරප්පාඩු නොමැති පාසල්වලට සිසුන් ඇතුළත් කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට බලපෑම් කර ඇති බවට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයකි.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මින් පෙර කිසිදු අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදු නොකළ ක්‍රියාවක් තමන් විසින් සිදුකිරීම ගැන බන්දුල ගුණවර්ධන මහතා කණගාටුවට පත්වන්නේ, ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා සමයේ දී සිසුන් ඇතුළත්කිරීම විනිවිදභාවයෙන් සිදුකිරීමට අපොහොසත්වීම නිසා විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Search