නවතම පුවත්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් එක් දිනක දී ඇතුළත් කරගැනීම මෙම මස 25 වෙනිදා සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මෙම මස 20 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් තැපැල් මගින් දැනුවත් කිරීමට ද නියමිතය.

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.

ඒ අනුව 2016 උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්නේ 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන අතර 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහා කණ්ඩායමයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරී 25 වැනිදා අංක 2018 දරන ගැසට් නිවේදනයට අනුව බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාවෙන් තුන් ගුණයක සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා මෙම අධ්‍යයන වර්ෂ දෙක සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් තෝරා ගෙන ඇත.

සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් නියමිත සංඛ්‍යාව තෝරා ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලිය ඉතා නිවැරදිව හා ක්‍රමවත්ව සිදුකිරීම සඳහා වඩා වැඩි කාලයක් ගතකරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ ශාඛාව මෙම කණ්ඩායම තෝරාගෙන ඇත.

ශික්ෂණලාභීන් ලෙස 8,000ක් වැනි විශාල සංඛ්‍යාවක් බඳවා ගෙන අධ්‍යයන වර්ෂ දෙකක කටයුතු එකවර සිදුකෙරෙන්නේ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථමවරටය.  එම නිසා විද්‍යාපීඨ තුළ මේ ශික්ෂණලාභීන්ට  අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නාම සංශෝධනය සිදු කර තිබේ.

එම තනතුරුධාරීන් බඳවා ගැනීමේ දී ඒ සඳහා අයදුම් කරන සංඛ්‍යාව, තනතුරු ඇබෑර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම අගයක තිබීම සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් පසුව පෙනී ගිය හේතු පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ කරුණු දැක්වීම පිළිගෙන ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පාසල් කම්කරු තනතුරු නාමය සේවා සහායක යනුවෙන් ද, සනීපාරක්ෂක කම්කරු තනතුරු නාමය සේවා සහායක (සනීපාරක්ෂක) වශයෙන් ද, මුරකරු තනතුරු නාමය සේවා සහායක (ආරක්ෂක) ලෙසට ද සංශෝධනය කොට තනතුරු ලේඛනය යාවත්කාලීන කර ගන්නා ලෙස දන්වා තිබේ.

 වත්මන් සමාජයේ ජීවත්වීමේ දී රැකියාව, තනතුරු නාම හා තරාතිරම යනාදියෙන් තොරව සෑම දෙනාටම සමානාත්මතාවයෙන් සැලකීම මානව අයිතිවාසිකමක් බැවින්, එම තනතුරුධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය ඉහත ඉල්ලීම යොමු කර තිබිණි.

දිවයින පුරා එකම දිනක පාසල් ව්‍යාපෘති 500ක් සිසු අයිතියට පත්වූ දිනයේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසුඅයිතියට පත්කළ ඉතිහාසගත මොහොත .

අධ්‍යාපනයේ මානව සම්පත සහ භෞතික සම්පත දියුණු කිරීම සඳහා වත්මන් රජය විශාල කැපවීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) අරලියගහ මන්දිරයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට අද දින පත්වීම් ලබාදුන් අතර, සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත්.

2015-05-08 දිනැති ගැසට් නිවේදනයේ විධිවිධානවලට අනුකූල ව, මෙම විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව 2018 වසරේ පාසල් පද්ධතිය තුළ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගුරු අවශ්‍යතාව පදනම් කරගනිමින් මෙම ශික්ෂණලාභීන් බඳවාගනු ලැබුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවය අමතමින් සඳහන් කළේ වත්මන් රජය අධ්‍යාපනය නවීකරණය කර ඇති බවයි.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016/2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර ශික්ෂණලාභීන් 8000ක් බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් 25 වන දින සිදුකිරීමට නියමිතයි.

එමෙන් ම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව 2018 වසරේ සිට රුපියල් 3,500 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් පියවර ගෙන තිබෙනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර දීමනාව 50%කින් වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.

දැනට රුපියල් 500ක මාසික දීමනාවක් ශිෂ්‍යාධාර ලබන එක් අයෙකුට හිමි වන අතර ඉදිරියේ දී එය රුපියල් 750 දක්වා වැඩි වනු ඇති.

දැනට 130000ක පමණ සිසු දරුදැරියන් පිරිසකට ශිෂ්‍යාධාර දීමනාව හිමි වනවා.

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා  මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු  සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේ මෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර  යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. දිවයින පුරා එකම දිනක පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය  සිසු අයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදු කර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්, එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද  බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය  එහි තවත් සාර්ථක  ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවර සිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක් සිදුකර තිබේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතු සිදුකෙරෙයි.  මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි.

දැනට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරි වසර 10 ක් පවත්වාගෙන යා හැකි නම් නිසැක ව ම රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත වන බව ද, එම අභියෝගය භාර ගනිමින්, අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ඉතා සාර්ථක ව කටයුතු කරගෙන යාමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දරන උත්සාහය හා කැපවීම අතිශයින් අගය කරන බව ද මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතිය භෞතික සම්පත්වලින් සම්පූර්ණ කිරීම මෙන් ම මානව සම්පත්වලින් සංවර්ධනය කිරීමට ද වැඩිම අවධානය යොමු කරන ලද්දේ

 වත්මන් රජය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියාසිටියේය.

ඉදිරියේ දී රටේ සෑම පාසලක ම සිටිය යුත්තේ, පුහුණු ගුරුවරුන් පමණක් බව ද, වාහනයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවක් වන පරිද්දෙන් ම වසර 13ක් පන්ති කාමරය භාරගන්නා ගුරුවරයා පුහුණුවක් සහිත ගුරුවරයෙක් වීම අත්‍යවශ්‍ය වන බව ද ඒ වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.   එමෙන් ම 21 වැනි සියවසේ දරුවන්ට 20 වැනි සියවසේ අධ්‍යාපනය නොගැළපෙන බවත්, මේ නිසා අනාගත රැකියා වෙළඳපොළ අවශ්‍යතා සමඟ ගළපමින් අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අග්‍රමාත්‍යතුමන් තවදුරටත් කියා සිටියේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නිහාල් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, හිටපු තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල්, හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.‍

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 2019 සැප්තැම්බර් මස 08 වැනිදා ඉරිදා පෙ.ව. 10.00 ට  පැවැත්වේ.

විද්‍යාපීඨ 19කදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම   පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් සලකනු ලබයි. මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද 1300 දෙ‍නෙකු  දෙමළ මාධ්‍යයෙන් ද 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික  ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවා සිසු දරුවනට අඩු පාඩුවකින් තොරව   අධ්‍යාපනය ලබා දීම  පිණිස එම ගුරුවරුන් කඩිනමින් පාසල්වලට ස්ථානගත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම  උත්සව අවස්ථාවට අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියද සහභාගී වේ. මේ පිළිබඳ වැඩි විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ  www.moe.gov.lk  යන වෙබ් අඩවියේ සඳහන් ය.

“අගමැතිතුමන්ගේ අප්‍රතිහත මගපෙන්වීම සහ සහයෝගය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේකරන්නට අපට හැකිවුණා” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවලවිවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේමේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේපාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛසංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය,නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේමෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත්සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියටපත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්අද (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. දිවයින පුරා එකම දිනක පාසල්ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හාඅන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසුඅයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදුකර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්,එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිතදරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදාවිශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය එහි තවත් සාර්ථක ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන්කළේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවරසිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක්සිදුකර තිබේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීයපාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇතිළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතුසිදුකෙරෙයි.

මෙහි සමස්ත මූල්‍ය ආයෝජනයරුපියල් මිලියන 65,000කි. දැනට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරිවසර 10 ක් පවත්වාගෙන යා හැකි නම්නිසැක ව ම රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත වන බව ද, එම අභියෝගය භාර ගනිමින්, අධ්‍යාපනයසංවර්ධනය වෙනුවෙන් ඉතා සාර්ථක ව කටයුතු කරගෙන යාමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්මහතා දරන උත්සාහය හා කැපවීම අතිශයින් අගය කරන බව ද මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතිය භෞතිකසම්පත්වලින් සම්පූර්ණ කිරීම මෙන් ම මානව සම්පත්වලින් සංවර්ධනය කිරීමට ද වැඩිමඅවධානය යොමු කරන ලද්දේ වත්මන්රජය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියාසිටියේය.

ඉදිරියේ දී රටේ සෑම පාසලක ම සිටිය යුත්තේ,පුහුණු ගුරුවරුන් පමණක් බව ද, වාහනයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යඅවශ්‍යතාවක් වන පරිද්දෙන් ම වසර 13ක් පන්ති කාමරය භාරගන්නා ගුරුවරයා පුහුණුවක්සහිත ගුරුවරයෙක් වීම අත්‍යවශ්‍ය වන බව ද ඒ වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙනඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම 21 වැනි සියවසේ දරුවන්ට20 වැනි සියවසේ අධ්‍යාපනය නොගැළපෙන බවත්, මේ නිසා අනාගත රැකියා වෙළඳපොළ අවශ්‍යතාසමඟ ගළපමින් අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අග්‍රමාත්‍යතුමන්තවදුරටත් කියා සිටියේ ය.

විවිධාකාර ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙම්න්  වසර හතරක කෙටි කාලයක දී  සංවර්ධනය උදෙසා මෙතරම් විශාල වැඩ කොටසක් ඉටු කරන ලද වෙනත් ආණ්ඩුවක් මේ රටේ මීට පෙර  බිහි නොවූ බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඉදිරියට යා නොහැකි තරම් ආර්ථික ප්‍රශ්ණ වලින් බිත්තියට හේත්තු වීම නිසා පසුගිය රජය නියමිත කාලයට  දෙවසරකට පෙර  විසුරුවා හැරි බව සිහිපත් කළ අමාත්‍යවරයා 2015 දි අග්‍රාමාත්‍ය පදවිය බාරගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විධායකයේ ප්‍රශ්ණ, ජාතික ආණ්ඩුවේ ප්‍රශ්ණ, මාධ්‍ය හා වෙනත් බොහෝ ප්‍රශ්ණවලට මුහුණ දෙමින් ඉටුකරන ලද විශාල වැඩ කොටස විස්තර කලේය.

රජය බලයට පත් වි ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම,අසිමිත  ජනමාධ්‍ය නිදහසක් ලබාදීම , රාජ්‍යසේවයේ වැටුප 106%කි න් ඉහළ නැංවීම , විශ්‍රාම වැටුප විශාල ප්‍රතිශතයකින් ඉහල නැංවිම ,ආදී කටයුතු ඉටුකරගෙන යනවිට දී රාජ්‍ය බලය දින 51 ක කාලයකට ගිලිහි ගිය බවත් නැවත බලය ලබා ගැනිමට හැකි වීමෙන් පසු  ගත වු මාස හයක පමණ කාලය තුළ ඉතිහාසයේ කවර දිනක හෝ නොවු  විරු වැඩ කොටසක් ඉටුකළ හැකි වු බවත් අමාත්‍යවරයා පැවසිය .

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18000ක් ක්‍රියාත්මක කළ බවත් ඒ යටතේ පාසල් ගොඩනැගිලි 1500-2000 ක් තනා  නිමකළ බවත්

ඉදිරි සතියේ දී පාසල් ගොඩනැගිලි 500ක් එක් දිනක් තුළ විවෘත කිරිමට නියමිත බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ ය.

 ජාතික පාසල්වල අ.පො.ස උසස්පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට  මේ මාසයේ දී ටැබ් පරිගණක 97000ක් ලබා දෙන බව පැවසු අමාත්‍යවරයා  ඉන් පසුව උසස්පෙළ සියලුම සිසුන්ට  ටැබ් පරිගණක ලබා දෙන බව  අමාත්‍යවරයා  කීවේ ය. සියලුම පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණය ලබා දීම , දහතුන්වසරක සහතික කළ අධ්‍යාපනයෙන්  උසස්පෙළට වෘත්තීය විෂයයන් හඳුන්වාදීම අධ්‍යාපනයේ මෙම කෙටිකාලය තුළ සිදුකරන ලද  විප්ලවීය වෙනස්කම් අතරින්  කිහිපයක් බව අමාත්‍යවරයා පැවසී ය.

 “මා අධ්‍යාපන අමාත්‍ය ධුරය බරගන්නාවිට විදුලිය සහිත පාසල් තිබුණේ 68% යි. එය 98% දක්වා වැඩිකළා. පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් වලට එම පහසුකම් ලබා දුන්නා. විද්‍යාපීඨ ආරම්භ කළේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුවයි. දැන්  විද්‍යාපීඨ ගණන විස්සයි. 20 වැනි පීඨය රු. මිලියන 3000/= ක වියදමින්  කුලියාපිටියේ ඉදිකෙරෙනවා. විද්‍යාපීඨ අභ්‍යාසලාභින්ගේ දීමනාව රු.3500/= සිට 5000/= දක්වා වැඩිකළා. මහපොළ ශීෂ්‍යාධාරය ද  අපේ ආණ්ඩුවෙන් රුපියල් 3500/= සිට 5000/= දක්වා වැඩි කළා” යැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ ශිෂ්‍යාධාරය රුපියල් 500/=‍ සිට 750/= දක්වා වැඩි කිරිමට  තමාගේ කැබිනට් පත්‍රිකාවට අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත්  ආබාධිත දරුවන් සඳහා ලබා දෙන මුදල වැඩිකිරීමටත් තීරණය කළ බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

පසුගිය රජය සමයේ ඉදිකරන ලද අධිවේගී මාර්ග ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් ඉකුත් අවුරුදු තුනහමාරේ දි ඉදි  කළ බවත් රන් මාවත් වැඩසටහනෙන් ද රටේ පාරවල් තැනෙන බවත් පැවසු අමාත්‍යවරයා  “ගම්පෙරළිය වැඩසටහනෙන් සෑම ආසනයකටම රුපියල් ලක්ෂ 4,000/= ලබා දුන්නා. 2015 දී ආණ්ඩුව පත් වුණාට පසු ග්‍රාමසේවා වසම් 14,000 ට රුපියල් ලක්ෂ 15/= බැගින් ලබා දුන්නා.දෙවැනි අවුරුද්දේ ලක්ෂ 10/= බැගින් දුන්නා. පහුගිය ආණ්ඩුව  ගමට එපමන මුදල් දුන් නෑ. සෞඛ්‍යය, සමෘද්ධි හා  නිවාස සංවර්ධනයට  විශල මුදලක් අපි වැය කළා” යැයි ද අමාත්‍යවරයා පැවසිය.

 පසුගිය ආණ්ඩුව නැවත බලයට පත් කර ගැනිමට ජනතාවට වුවමනාවක් නොමැති බව තමාට පෙනියන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඉකුත් පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද  ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .

ඉදිරි ජනාධිපතිවරණයේ දි අප එකමුතුව විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ නම් සටනක් ලබාදීම අපහසු නැතැයි සඳහන්කළ අමාත්‍යවරයා හැමදෙනාම එකඟ කරගනිමින් ඉදිරියට යාම සඳහා කටයුතු කරගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේ ය.

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයන් ගේ සේවය අගය කිරීම සඳහා ඊයේ (03)පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා   මෙම කරුණු සඳහන් කළේ ය.

Search